ප්‍රථම වැදගත්කම

18 වන සියවසේ අග භාගයේ ඇතිවුනු ප්‍රංශ විප්ලවයේදී අරගල කණ්ඩායම් විසින් මරා දැමූ අයගෙන් එක් අයෙක් වූයේ තෝමස් ඩි මහී නම් වූ රදළයාය. එක් පුරා වෘතයකට අනුව ඔහු තම මරණ වරෙන්තුව කියවා එයට ප්‍රතිචාර දැක්වූයේ “අක්‍ෂර වින්‍යාශ වැරදි තුනක් ඔබ කර ඇති බව පෙනේ” යනුවෙනි. එය සත්‍යය නම් පෙනෙන පරිදි ඩි මහී වැදගත්ම කාරණය ප්‍රබල ලෙස ගණන් නොගෙන තිබේ. ඒ…

දෙවියන් වහන්සේ තුළ ශක්තිමත් වීම

මම කුඩා කාලයේදී මුහුදු කොල්ලකරුවන් ගැන කථා කියවීමට ආශා කළෙමි. එම වික්‍රමයන් මාගේ සිතුවිලි කෙතරම් චංචල කළේද? දැන් මම ජීවත් වන්නේ ඉතා දුෂ්ට මුහුදු මංකොල්ල කරුවෙක් වන කළු රැවුලාගේ (ඇත්ත නම එඩ්වර්ඩ් ටීච්) මූලස්ථානය තිබූ ප්‍රදේශයේය. ඔහුගේ නැව වන “ඈන් රැජිනගේ පළිගැනීම” වෙරළ අද්දරදී බිඳී ගොස් තිබුණි.

අපට පහසුවෙන් නටඹුන් සහ මහ මුහුදු ඉතිහාසය චමත්කාර ලෙස පෙන්විය හැකිය. කෙසේ වෙතත්…

ඛේදවාචකය තුළින් අලංකාරය

එංගලන්තයේ අලංකාර වැව් ප්‍රදේශයක් වන කොනිස්ටන් වෝටර් එක්සත් රාජ්‍යයේ පවුල් වලට විනෝද වීමට ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වූයේය. බෝට්ටු පැදීමට, පිහිනීමට සහ අනිකුත් ජලක්‍රීඩා වලට මෙම ජලය අනර්ඝ විය. ඒ අලංකාර පරිශ්‍රය විශාල ඛේදවාචකයකට ඉවහල් විය. 1967 දී ඩොනල්ඩ් කැම්බල් ජලයේ වේග වාර්තාවක් තැබීම සඳහා ඔහුගේ ජල ගුවන් යානය වන බ්ලූබර්ඩ් කේ7 එහි පදවමින් සිටියේය. ඔහු ඉතා අධික වේගයක් වන පැ:…

නිර්භීත තෝරා ගැනීම

ෆ්‍රැන්කෝ සෙෆිරෙලී ජනප්‍රිය ෂෙක්ස්පියර්ගේ රොමියෝ ජුලියට් නාට්‍ය නිෂ්පාදනය කරන්න සුදානම් වෙද්දී ඔහු නිර්භීත තීරණයක් ගත්තේය. ඔහු ප්‍රධාන චරිත දෙකට අලුත්ම නලු නිලි  දෙපලක් තෝරා ගත්තේය. ඔහු කියා සිටියේ ෂේක්ස්පියර් මෙම කථාව ලියන කාලයේ එම චරිත වල වයසට ගැළපෙන දෙදෙනෙක් තෝරා ගත් බවයි. අවසානයේදී සෙෆිරෙලි රොමියෝ ලෙස දාහත් හැවිරිදි ලෙනාර්ඩ් වයිටිංද ජුලියට් ලෙස දහසය හැවිරිදි ඔලිවියා හසීද තෝරා ගත්තේය.

ජේසුස් වහන්සේද…

සාමාන්‍ය මිනිසුන් නැත

මාගේ බැංකුවේ බිත්තියේ ඇති ප්‍රකාශය පවසන්නේ එහි ව්‍යාපාර ප්‍රතිපත්ති තනි වචනයකින් සාරාංශ කළ හැකි බවයි: ආචාරශීිලිකම. එහි මාගේ ගනුදෙනු වලට සහාය දුන් සේවකයාගේ ආචාරශීලි බව කෙතරම් නැවුම්ද!

රුදුරු අකාරුණාවන්ත ලෝකයක ආචාරශීලිත්වයෙන් ඉදිරියට යාම විශාල දෙයකි. අපෝස්තලු පාවුලු තම මිතුරු තීතස්ට ලිවූ ලිපියේ මෙම සංකල්පය අපට හමුවේ. ඔහු තම සමූහනයට මතක් කර දෙන ලෙස තීතස්ට උපදෙස් දුන්නේ “කිසිවෙකු ගැන අගුණ නොකියන්නටද…

දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ

මෑතකදී මගේ සහෝදර ස්කොට් මගේ පියාගේ දෙවන මහ ලෝක යුද්ධයේ හමුදා වාර්තා ලබා ගත්තේය. එහි පිටු මා අධ්‍යයනය කරන විට පුදුම කරවන හෝ කම්පනයක් ඇති කරවන හෝ කිසිවක් ගැන හෝ මගේ පියා කව්ද කියා හෝ කිසිවක තිබුණේ නැත . එහි තිබුණේ සාමාන්‍ය කාරණා සහ දත්ත පමණි. එය කියවීමට උනන්දුවක් ඇති කරයි. අවසානයේදී එය අතෘප්තිකර වූයේ පියා ගැන අලුතින් දැන ගත…

විලාපයෙන් ප්‍රශංසාවට

“ෆොර්ගෙට් මී නොට්” (මාව අමතක නොකරන්න) යන අලංකාර පෙති පහේ මල ගැන පුරාවෘත්ත කිහිපයක් ඇත. ඒ අතර එකක් ජර්මානු කථාවකි. කථාවට අනුව දෙවියන් වහන්සේ උන් වහන්සේ මැවූ සියලු පැළෑටි වලට නම් තබන විට තමන්ව මඟ හැරෙනු ඇතැයි එක් කුඩා මලක් කල්පනා කළේය. එම නිසා ඒ මල “ස්වාමිනී, මාව අමතක නොකරන්න (ෆොර්ගෙට් මී නොට්)” කියා මොර ගැසුවේය. ඒ හෙයින් දෙවියන් වහන්සේ…

ජේසුස්වහන්ස - අපගේ විශ්‍රාම ස්ථානය

1943 දී මේරි ලෑන්ඩ් හී ෂැන්ග්‍රිලා නමැති කඳවුරක් මිලයට ගනු ලැබුවේ එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් ඩි. රූස්වෙල්ට් හට විවේක ස්ථානයක් ලෙසින්ය. එය ග්‍රාමීය, නිසල සහ පිටිසරබද ප්‍රදේශයක් වූයේය. ධවල මන්දීරයේ වෙබ් අඩවියට අනුව එය තනිව සිටීමට සහ නිසලව සිටීමට අවස්ථාවක් ගෙන දුන්නේය. එසේම එය වැඩ කිරීමට යෝග්‍ය වූ අතර විදේශ නායකයින් හට සත්කාර කිරීමටද සුදුසු ස්ථානයක් වුනි. ඩ්වයිට් අයිසන්හවර් ජනාධිපති…

සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වූ ගැළවුම් කරුවාණෝ

නිවාස ඉදිකිරීම් ප්‍රදර්ශනයේදී නිවස ඇතුළත සැළසුම් කරන්නා නාන කාමරයට තෝරා ගත් අතින් සාදන ලද සෙරමික් ටයිල් ගැන වර්ණනා කළේය. වාණිජමය ලෙස නිපදවූ එක හා සමාන ටයිල් වලට වඩා මෙම අතින් සාදන ලද ටයිල් “අසමසම සම්පූර්ණත්වයක්” පෙන්නුම් කළේය. එම වෙනස්කම් ටයිල් වලට අසමසම අලංකාරයක් මෙන්ම සාමාන්‍යයෙන් ප්‍රායෝගික අවකාශයකට ලස්සනක් සහ මෝස්තරයක්ද ලබා දුන්නේය.

මෝස්තර සහ අලංකාරය ගැන මගේ දැනුම අල්පය. එයට…

මුණගැසීම

1963 නොවැම්බර් මස 23 වන දින, ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිද දාර්ශනික සහ ලේඛක ඇල්ඩොස් හක්ස්ලිද කිතුනු සමාව ඉල්ලන්නා වන සී.එස්. ලුවිස්ද යන සියල්ලන්ම මිය ගියහ. තිදෙනාම විවිධ ලෝක ද්‍රෘෂ්ඨීන් සහිත ප්‍රසිද්ධ අය වූහ. හක්ස්ලි අඥෙවවාදියෙක් (දෙවියන්වහන්සේ ඉන්නවාද නැද්ද කියා ප්‍රශ්න කළ) වූ අතර පෙරදිග ගුප්තවාදය සමග සබඳකම් පැවැත්වීය. රෝමානු කතෝලිකයෙක් වූ කෙනඩි මනුෂ්‍යය දර්ශනවාදය විශ්වාස කළේය. කලින් අදේවවාදියෙක් වූ…